.webp)

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ දිනය තුළ පමණක් ගුවන් ගමන් 550ක් අවලංගු කිරීමට සිදුව ඇති බවයි..
එය IndiGo ගුවන් සේවයේ වසර 20ක ඉතිහාසය තුළ එක දිනකදී අවලංගු කෙරුණු වැඩිම ගුවන් ගමන් සංඛ්‍යාව ලෙස සැළකෙනවා.
පසුගියදා ඉන්දීය සිවිල් ගුවන් සේවා නියාමන ආයතනය පැනවූ නව නීති, IndiGo සමාගමේ පද්ධතියේ ඇතිවූ දෝෂයක් සහ, අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් පසුගිය දින තුන තුලදී IndiGo ගුවන් ගමන් වාර සිය ගණනක් අවලංගු කෙරිණි.
ඉන්දීය සිවිල් ගුවන් සේවා නියාමන ආයතනය නව නීති පනවා ඇත්තේ, ගුවන් නියමුවන්ට නිසි විවේකයක් ලබාදීමේ සහ ගුවන් ගමන් වල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් වේ.
කෙසේ නමුත් ඒ හේතුවෙන් ගුවන් සමාගම් කාර්ය මණ්ඩල හිඟයකට මුහුණ දී ඇතැයි විදෙස් වාර්තා පෙන්වයි.
ඒ අනුව අද සහ ඉදිරි දිනවලදී තවත් ගුවන් ගමන් සිය ගණනක් අවලංගු විය හැකි බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
