.webp)

ආපදා තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය වූයේ, කොච්චිකඩේ දක්වා පමණයි.
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ද, තවදුරටත් අඹේපුස්ස දක්වා සීමා කර තිබේ.
කැළණිවැලි සහ මුහුදුබඩ මාර්ග වල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර, ගංවතුර, නායයෑම් හා පස් කඳු කඩා වැටීම හේතුවෙන් හානි වී ඇති දුම්රිය මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට යුහුසුළුව ක්‍රියාත්මක වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මහව සිට ත්‍රිකුණාමලය දක්වා මාර්ගය, මේ වන විට පිළිසකර කර ඇති බවයි.
එය පරික්ෂණ ධාවනය සදහා විවෘත කර තිබේ.
ගංවතුර හේතුවෙන් හානි වූ ප්‍රධාන මාර්ගයේ පිහිටි යත්තල්ගොඩ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු යුද හමුදාවේ ද සහය ඇතිව ක්‍රියාත්මකයි.
පොළොන්නරුව මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේ ගංවතුරින් සෝදා ගිය කිලෝමීටරයක පමණ කොටස, ගල් පුරවා නැවත සකස් කිරීම, හෙට(06) ආරම්භ කෙරෙන්නේ, යුද හමුදාවේ ද සහයෝගයෙනි.
