.webp)
-605034.jpg)
COLOMBO (News 1st) - රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඉන්දීය නිල සංචාරයට සමගාමීව ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට සැලසුම් කර තිබේ.
ඒ කලාපීය සහ ගෝලීය ගැටළු මෙන්ම වෙළඳාම, ආර්ථිකය, සෞඛ්‍ය සේවා, සහ මාධ්‍ය යන ක්ෂේත්‍ර පිළිබඳ ද්වි පාර්ශ්වික සාකච්ඡා වලින් අනතුරුවය.
වසර 4කට පසු රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් ඊයේ (04) රාත්‍රියේ නිල සංචාරයක් සදහා ඉන්දියාවට ගියේ ය.
නව දිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රුසියානු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැමිණ සිටීමද විශේෂත්වයකි.
ඊයේ (04) රාත්‍රියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකටද එක්වුණි.
රුසියානු භාෂාවට පරිවර්තනය කළ "භගවත් ගීතාවේ" පිටපතක්ද මෝදී අග්‍රාමාත්‍යවරයා ඊයේ රුසියානු ජනාධිපතිවරයාට පිළිගැන්වූ බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
අද ඉන්දීය ජනාධිපති නිල නිවස වන "රාෂ්ට්‍රපති භවන්" හිදී රුසියානු ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයක්ද පැවැත්වීමට නියමිතය.
පසුව රුසියානු ජනාධිපතිවරයා, දිල්ලි නුවර "රාජ් ඝාට්" අනුස්මරණ භූමියේදී, මහත්මා ගාන්ධිතුමන්ට උපහාර දැක්වීමටත් නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ලදි.
රුසියානු ජනාධිපතිවරයා ඊයේ ඉන්දියාවට පැමිණියේ 23 වැනි ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුවට සහභාගී වීම වෙනුවෙනි.
සංචාරය අතරතුර පුටින් ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටින්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ රාජ්‍ය අමුත්තන් වෙනුවෙන් වෙන් කර ඇති ඓතිහාසික හයිද්‍රාබාද් මන්දිරයේය.
පැයට කිලෝමීටර 2000කට වැඩි වේගයකින් පියාසර කළ හැකි, රුසියාවේ නිෂ්පාදනය කෙරෙන "එස්.යූ. ෆිෆ්ටි සෙවන්" යුධ ගුවන් යානා ඇතුළු අවි ගනුදෙනු පිළිබඳවද අද ඔවුන් අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.
රුසියානු ය්‍රක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියානු රාජ්‍ය නායකයා ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.
අමෙරිකාවේ සහ යුරෝපයේ විරෝධය මාධ්‍යයේ වුවද, ඉන්දියාව සහ රුසියාව සමීප මිතුරන් ලෙස කටයුතු කිරීම විශේෂත්වයක් වන අතර ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමද, අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කර ඇති අතර ඒ හේතුවෙන් ඉන්දියාව අමතර තීරු බදු පැනවීමටද අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කරන ලදි.
