අධිවේගී මාර්ගවල යළි සාමාන්‍ය පරිදි ගාස්තු අය කෙරේ.

අධිවේගී මාර්ගවල යළි සාමාන්‍ය පරිදි ගාස්තු අය කෙරේ..

by Staff writer 05-12-2025 | 8:51 AM

COLOMBO (News 1st) - අධිවේගී මාර්ගවල යළි සාමාන්‍ය පරිදි ගාස්තු අය කරන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ආපදා තත්වය පහව යාමත් සමග එම තීරණය ගත් බව එහි අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා නඩත්තු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර් ඒ ඩී කහටපිටිය සඳහන් කළේ ය.

පැවති ආපදා තත්ත්වයත් සමග රථ වාහන වලට ගාස්තු අය කිරීමකින් තොරව අධිවේගී මාර්ග වල ගමන් කිරීමට අවස්ථාව දී තිබුණි.