.webp)
-604898.jpg)
COLOMBO (News 1st) - පසුගිය දින කිහිපයේ බරපතල ගණයේ නායයෑම් 215 ක් වාර්තා වී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
බදුල්ල, මහනුවර, මාතලේ, නුවර එළිය, කෑගල්ල, කුරුණෑගල හා මොණරාගල දිස්ත්‍රික්වලින් එම නායයෑම් වාර්තා වී ඇති බව එහි ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක සඳහන් කළේ ය.
එම නායයෑම් මාර්ග ආශ්‍රිතව හා ගම්මාන ආශ්‍රිතව එම නායයෑම් සිදුව ඇති බව ඔහු ප්‍රකාශ කරන ලදි.
කෙසේ වෙතත් නායගිය ඇතැම් ස්ථානවලට ප්‍රවේශවීමට මෙතෙක් හැකිවී නැත.
ඒ ප්‍රවේශ මාර්ග ඇහිරීම මෙන්ම ඉන්ධන හා විදුලිබලය නොමැතිවීම වැනි කරුණු කිහිපයක් හේතුවෙන්.
අනතුරු ඇගවීම් කර තිබියදී ගම්මානවලින් ඉවත් නොවීම නායයෑම්වලින් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ය.
