ආපදා නිසා තවදුරටත් බාධා පවතින්නේ මාර්ග 95ක පමණයි

ආපදා තත්ත්වය නිසා තවදුරටත් බාධා පවතින්නේ මාර්ග 95 ක පමණයි - මාර්ග සංවර්ධන අධිකාරිය

by Staff writer 03-12-2025 | 7:59 AM

COLOMBO (News 1st) - ආපදා තත්ත්වය හේතුවෙන් තවදුරටත් බාධා පවතින්නේ මාර්ග 95 ක පමණක් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම මාර්ගවලද බාධා ඉදිරි දින කිහිපය ඇතුළත ඉවත් කරන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් විමල් කණ්ඩම්බි සඳහන් කළේ ය.

ගංවතුර හා නායයෑම්වලින් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග 256 කට හානි සිදුවුණි.

අධිකාරියේ ඉංජිනේරු කණ්ඩායම් ඇතුළු නිලධාරීන් යොදවා මාර්ගවල බාධා ඉවත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව විමල් කණ්ඩම්බි මහතා ප්‍රකාශ කළේ ය.

ප්‍රධාන නගර සියල්ලකටම මේ වනවිට මාර්ග පහසුකම් ලබා දී ඇති බව ඔහු පැවසුවේ ය.

අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ කඩුගන්නාව ප්‍රෙද්ශයෙන් අවහිර වී තිබූ කොළඹ නුවර මාර්ගය අද යළි විවෘත කරන බවය.

ආපදා තත්වයෙන් පාලම් 20 ක් ද කැඩී ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.