ආපදා නිසා හානිවූ රටවලට ඇපල් සමාගමෙන් සහය

ආපදා තත්ත්වයෙන් දැඩිව හානි වූ ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් නැවත ගොඩනැගීමට ඇපල් සමාගමෙන් සහාය...

by Staff writer 03-12-2025 | 10:36 AM

COLOMBO (News 1st) - ගංවතුර, නායයෑම් සහ තද සුළං හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන කටයුතු සහ එම රටවල් යළි ගොඩනැගීමට ආධාර ලබාදීමට ඇපල් සමාගම ඉදිරිපත්ව තිබේ.

එම සමාගමේ විධායක නිලධාරී ටිම් කුක් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ.

තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් එම රටවල සිටින ජනතාව මේ වනවිට දැඩිලෙස පීඩාවට පත්ව සිටින බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර තිබෙන අතර ඒ අනුව,ආපදාවට පත්වූ රටවල්වල සහන සහ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය දායකත්වය දැක්වීමට ඇපල් සමාගම මෙලෙස ඉදිරිපත් වී තිබේ.