.webp)

COLOMBO (News 1st) - අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් පහළොස් ලක්ෂ 58, 919 කුට සහන සැලසීම අඛන්ඩව ක්‍රියාත්මක බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථනය පවසයි.
අවතැන් වූ සංඛ්‍යාව දෙලක්ෂ 32752 ක්.
ඔවුන් ආරක්ෂිත මධ්‍යස්ථාන 1433 රඳවා සිටී.
ආපදා වලින් මිය ගිය සංඛ්‍යාව 465 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන්වු සංඛ්‍යාව 366 ක්.
ආපදා තත්වයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයටය.
එහි පුද්ගලයින් 118 දෙනෙකුට දිවි අමිවි වී ඇති අතර අතුරුදන්වු සංඛ්‍යාව 171 ක්.
නිවාස 783කට පුර්ණ හානි සිදුව ඇති අතර නිවාස 31, 417කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර කැලණි ගඟ ඇතුළු සියලු ගංඟා සාමාන්‍ය මට්ටම දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ එල් එස් සූරියබණ්ඩාර පවසයි.
මේ අතර අද දිනයේ උතුරු උතුරු මැද හා නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
