.webp)

COLOMBO (News 1st) -සිරස ශක්ති සහන යාත්‍රා ක්‍රියාන්විතය මගින් පරිත්‍යාග කරන ලද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Bell 412 වර්ගයේ හෙලිකොප්ටරයක් රත්මලාන ගුවන් තොටුපළින්
අද උදෑසන ගුවන්ගත කෙරිණ.
මෙම ද්‍රව්‍ය තොගය ගංවතුර හා නායයෑම් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශයක් වන නුවරඑළිය, මල්දෙණිය වෙත රැගෙන ගියේ ය.
සිරස ශක්ති සහන යාත්‍රා මගින් පරිත්‍යාග කරන ලද ද්‍රව්‍ය ගුවන් මාර්ගයෙන් පීඩාවට පත් ප්‍රජාවන් වෙත රැගෙන යන දෙවන දිනය අදයි.
නායයෑම් සහ හදිසි ගංවතුර හේතුවෙන් ප්‍රවේශ මාර්ග අවහිර වී ඇති බැවින්, ගුවන් මගින් සැපයුම් ලබා දීම ජනතාවට වූ අස්වැසිල්ලක් වනු ඇත.
කාලගුණික තත්ත්වයන් තවදුරටත් අවදානම් සහිතව පැවතීම හමුවේ, මෙම මෙහෙයුම් මගින් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍යම පුද්ගලයන් වෙත ළඟා වන බවට සහතික කෙරේ.
සිරස ශක්ති සහන යාත්‍රා ක්‍රියාන්විතය මගින් ආපදා තත්ත්වය හේතුවෙන් තවමත් ප්‍රවේශ විය නොහැකි ජනතාව වෙත ඊයේ දිනයේදී(01) විශේෂ මෙහෙයුමක් දියත් කෙරිණ.
එමගින් පළමු වරට වතාවට ළඟා වීමට අපහසු ප්‍රදේශවල සිරවී සිටින පුද්ගලයන්ට අත්‍යවශ්‍ය සැපයුම් ගුවන් මගින් ලබා දුන්නේ ය.
එම මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය ගුවන් හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග එක්ව සිදු කළේ ය.
ඉන්දීය ගුවන් හමුදාවේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සඳහා සහයෝගය ලබා දුන් අතර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගය ඉන්දීය ගුවන් හමුදාවට අයත් MI-17 හෙලිකොප්ටරයකින් ප්‍රවාහනය කළේ ය.
එම දිනයේම, සිරස ශක්ති සහන යාත්‍රාව විසින් ස්ටයින් ස්ටූඩියෝස් පරිශ්‍රයේ සිට රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත තවත් අත්‍යවශ්‍ය සැපයුම් තොගයක් ලබා දුන්නේ ය.
