.webp)

COLOMBO (News 1st) - ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට විමර්ශන මණ්ඩලයක් පත්කර තිබේ.
ඒ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ උපදෙස් මතයි.
විපතට පත් ජනතාවට ආහාර බෙදා හැරීමේ මෙහෙයුම්වල නිරතව තිබූ අදාළ හෙලිකොප්ටරය ඊයේ පස්වරුවේ ලුණුවිල පාලම අසළදී හදිසි ගොඩබෑමකට ලක් කළේ ය.
එහි සිටි ගුවන් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු ප්රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කළ බව, ගුවන් හමුදාව ප්රකාශ කළේ ය.
එහිදී ප්රධාන ගුවන් නියමු වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා මිය ගියේ ය.
42 හැවිරිදි ඔහු, ශ්රී ලංකා ගුවන් හමුදාවේ ඉතා පළපුරුදු හෙලිකොප්ටර් නියමුවෙකි.
රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ඔහු, සිය සේවා කාලය තුළ ගුවන් පැය 3000 කට වැඩි ප්රමාණයක් පියාසර කර තිබේ.
තුවාල ලැබූ අනෙක් ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනා මාරවිල රෝහලේ තවදුරටත් ප්රතිකාර ලබයි.
