.webp)
-604862.jpg)
COLOMBO (News 1st) - අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනිම සඳහා මාසයක විශේෂ සහන කාලයක් ලබාදී තිබේ.
පසුගිය මස 25 වැනිදා සිට මාසයක කාලයක් සඳහා එම සහන කාලය ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
එම කාලවකවානුව තුළ කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ළඟ තබාගෙන රිය පැදවීම රථවාහන නීති උල්ලංඝණය කිරීමක් ලෙස නොසලකන ලෙසට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් දැණුම් දී තිබේ.
ඒ අනුව එම කාලය තුළදී කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයක් ළඟ තබා ගනිමින් රිය පැදවීම සම්බන්ධව නීතීය ක්‍රියාත්මක කිරීමේදී මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ක්‍රියා කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලු පොලිස්ථාන දැණුවත් කර තිබුණි.
