මහ වැසි සමග කැලණි ගඟ ගංවතුර මට්ටමට ළඟා වෙයි

මහ වැසි සමග කැලණි ගඟ ගංවතුර මට්ටමට ළඟා වෙයි

by Staff writer 28-11-2025 | 9:38 AM

COLOMBO(News1st) -අධික වර්ෂාවත් සමග කැළණි ගගත් මහ ගංවතුර මට්ටමට ළගා වී තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැලණි ගඟ කිතුල්ගල, හොලොම්බුව හා  දැරණියගල ප්‍රදේශවල වලින් මහ ගංවතුර මට්ටමේ පවතින බවය.

මිට අමතරව මහවැලි, මැණික්, මල්වතු ඔය, දැදුරු ඔය,මී ඔය හා මහ ඔය යන ගංඟා, මහ ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබන්ඩාර පවසයි.

ඔහු අවධාරණය කළේ මෙතෙක් කලක් ගංවතුරට සිය නිවෙස් යට නොවීමේ  අත්දැකීම මත නිවෙස්වල රැඳී සිටින ගංගා අවට පුද්ගලයින්ද වහාම එම ප්‍රදේශවලින් ඉවත් විිය යුතු බවය.

වාර්මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ දැදුරු ඔය ජලාශය ඇතුළු ජලාශ 60 කට ආසන්න සංඛ්‍යාවක වාන දොරටු මේ වනවිට වීවෘත කර තිබේ.

ජල ධාරිතාව ඉහළ යාමත් සමග කලා වැවේ ජලය බළුල් වැවේ පිටවානෙන් ගලා යාමට සැලැස්වූ බව ශ්‍රි ලංකා මහවැලි අධිකාරීයේ කාර්යභාර ඉංජිනේරු බුද්ධික නවරත්න සඳහන් කළේ ය.

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පේරාදෙණිය, ගෙලිඔය ඇතුළු ප්‍රදේශ ගණනවක් ඊයේ රාත්‍රියේ ජලයෙන් යටවුණි.

ඒ අනුව එම ප්‍රදේශවල සිරිවී සිටි පිරිස් මුදා ගැනීම සඳහා පොලිසිය හා ආපදා කළමණාකරණ අංශවලට දැරීමට සිදුවූයේ දැඩි උත්සාහයක්.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාස් කඳු කඩා වැටිමත් සමග මාර්ග අවහිරතා රැසක් ද මතුවුණි.


පුත්තලම දිස්ත්‍රික්කයේද ගංවතුර තත්ත්වය මේ වනවිට ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී.