.webp)

COLOMBO(News1st) - ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට කඩිනමින් මැදිහත් වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක, අදාළ දිස්ත්රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ, අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම වෙනුවෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්රයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් ය.
