ආපදා තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයෙකුට රු.ලක්ෂ 10ක්

ආපදා තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රු.ලක්ෂ 10ක මුදලක් - ජනපති

by Staff writer 27-11-2025 | 7:04 PM

 

COLOMBO(News1st) - ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මියගිය අයගේ ඥාතීන් වෙත එම මුදල් කඩිනමින් ලබාදෙන බවයි.

මේ අතර, ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන්නැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අදාළව දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දී තිබේ.