මී උණ ව්‍යාප්තවීමේ අවධානම ඉහළට

වැසි තත්ත්වය හමුවේ මී උණ ව්‍යාප්තවීමේ අවධානම ඉහළට - සමස්ත ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය

by Staff writer 25-11-2025 | 11:00 AM

COLOMBO (News 1st) - පවතින වර්ෂාවත් සමග මී උණ ව්‍යාප්තවීමේ අවධානම ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ජලය එක්රැස්වන හා කුඹුරුවල වැඩකටයුතු සිදු කිරිමේදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙස එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ ය.

මේ අතර පවතින වර්ෂා සහිත කාලගුණයත් සමඟ ජල පරිභෝජනයේදී සැලකිලිමත් වන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.