අයිස් සමග සැකකරුවන් 03ක් පෑලියගොඩදී අත්අඩංගුවට

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය ආසන්නයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 03ක් අත්අඩංගුවට..

by Staff writer 25-11-2025 | 11:11 AM

COLOMBO (News 1st) - පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආසන්නයේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 500 ක්ද තවත් අයෙකු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 110 ක්ද සොයා ගැනුන අතර ඔවුන් පැමිණි බව කියන මෝටර් රථයද පොලීසිය භාරයට ගෙන ඇති බවය.

එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, හැඳල හා වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන්.