.webp)
-604539.jpg)
COLOMBO (News 1st) - ගල්පෙරලීමේ අවදානමක් හේතුවෙන් අවහිරවූ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල කදිරේෂන් කණුව ප්‍රදේශයේ එක් මංතීරුවක් රථවාහන ධාවනය සඳහා විවෘත කර තිබේ.
මාර්ගයට ඉහළින් ඇති ප්‍රදේශයේ ඇති ගල් පෙරලීමේ අවදානමක් හේතුවෙන් ඊයේ (24) රාත්‍රියේ මාර්ගය මුළුමනින්ම වසා දැමුණි.
පස් කඳු කඩා වැටීමේ අවදානමක් පැවැතීම හේතුවෙන් මාර්ගයේ ඇති පස් ඉවත් කිරීමට හැකිවී නැත.
