.webp)
-604478.jpg)
එහි සමාරම්භක උත්සවය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් අද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇති.
ඩිජිටල් ආර්ථික ආමාත්‍යාංශයේ තාක්ෂණික උපදේශකත්වයෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයයි.
පළමු අදියරේදී මාර්ග 20කට ආසන්න සංඛ්‍යාවක බස් ගාස්තු බැංකු කාඩ් මගින් ගෙවීමට පහසුකම් සැලසෙන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක පැවසුවේ ය.
මාකුඹුර සිට - ගාල්ල, මාතර, බදුල්ල දක්වා ධාවනය වන බස් රථ,
කොළඹ සිට අම්පාර
කඩවත සිට බොරැල්ල
මොනරාගල සිට බිබිල
බදුල්ල සිට බණ්ඩාරවෙල සහ බදුල්ල සිට මහියංගනය දක්වා මාර්ග ඒ අතරින් කිහිපයක්
ඔහු සඳහන් කළේ, පළමු අදියරේදී පෞද්ගලික බස් රථ සඳහා පමණක් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.
බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම ලබාදීම සඳහා පෞද්ගලික හා රාජ්‍ය බැංකු 07ක් මේ වනවිට කැමැත්ත පළ කර තිබේ.
මගී ජනතාවගේ ඉතිරි මුදල් ලබා දීමේ ගැටලුවට විසඳුම් දීම හා බස් හිමියන්ට ලැබෙන ආදායම නිශ්චිතව ගණනය කිරීමට මෙමගින් පහසුකම් සැලසෙනු ඇති.
