රෝගවැළඳී ඇති පොල්ගස් ඉවත් කිරීමේදී දෙන වන්දිය ඉහලට

රෝග වැළඳී ඇති පොල්ගස් ඉවත් කිරීමේදී දෙන වන්දිය ඉහලට.

by Staff writer 22-11-2025 | 7:50 AM

COLOMBO(News1st) - විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල රුපියල් දස දහසක් දක්වා වැඩිකර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

මීට පෙර ඒ සඳහා දෙනු ලැබුවේ රුපියල් තුන් දහසකට ආසන්න මුදලක්.

මේ අතර මාතර දිස්ත්‍රික්කයෙන් - වැලිගම කොලමැලවීමේ රෝගය - වැළඳුන ගස් පන් දහසක් හඳුනාගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සඳහන් කළේය.

ඉවත් කරන ගස් සඳහා ප්‍රතිරෝධී ශාඛ ලබාදෙන බවද සභාපතිවරයා පවසයි.