.webp)
-604388.jpg)
කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත පැවසුවේ තවත් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි.
ගල පෙරලීමෙන් සිරවූවන් මුදාගැනිමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ එම වෙළෙඳ සැලේ තේ පානය සඳහා වාහන තුනකින් පැමිණි පිරිසක් ගල පෙරලෙන අවස්ථාවේ සිටි බවට තොරතුරු ලැබී ඇති බවයි.
ගල පෙරලීමෙන් සිරවු පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් හේතුවෙන් කොළඹ නුවර මාර්ගය පහල කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබේ.
අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ එම ස්ථානය නැරඹීමට පැමිණිමෙන් වලකින ලෙසයි.
මේ අතර මාවනැල්ල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි සමීර තන්ත්රිකගේ සඳහන් කළේ, රෝහලට ඇතුලත් කල තුන් දෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි.
ගල පෙරලුනු ස්ථානයේ සිරවී සිටින පිරිස් මුදාගන්නා අවස්ථාවේ ප්‍රතිකාර ලබාදීම සඳහා වෛද්‍යවරයෙකු ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට යොමුකර ඇති බවද වෛද්‍ය සමීර තන්ත්රිකගේ පැවසයි.
මේ අතර ගල පෙරලුනු ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානය ලඟාවී තිබේ.
ඔවුන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
