21 රැළිය විපක්ෂයේ දේශපාලන අනාගතය වෙනුවෙන් පමණක්මද?

21 රැළිය විපක්ෂයේ දේශපාලන අනාගතය වෙනුවෙන් පමණක්මද? රටේ අනාගතය භාර ගැනීමට සැරසෙන උ/පෙළ සිසුන්ගේ තීරණාත්මක කඩඉමට මෙය බාධාවක් වේවිද?

by Staff writer 20-11-2025 | 10:58 PM

COLOMBO (News 1st) - විපක්ෂයේ කන්ඩායම් එක්ව හෙට දිනයේදී ජනාකීර්න ස්ථානයක් වන නුගේගොඩ එලිමහන් රංඝ පීටයේදී මෙලෙස රැළියක් පැවැත්වීමට සූදානම් වන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය හෙට පස්වරුවේ පැවැත්වෙන පසුබිමකයි.

හෙට දිනයේ පස්වරු 2.00 සිට 5.10 දක්වා කාලය තුළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයට අයත් දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට සිසු සිසුවියන්ට මුහුණ දීමට සිදුවෙයි.

නුගේගොඩ එලිමහන් රංඝ පිඨය යනු පාසල් ගණනාවකට ආස්නනව පවතින ස්ථානයකි.

ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙම රැළියට අවසර ලබාදී ඇත්තේ ඉල්ලුම්කරන පරිශ්‍රයට පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කල යුතුය යන කොන්දේසි යටත්ව බව සඳහන් ය.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මෙම රැළියේ සංවිධායකයින්ට දැනුම් දී  ඇත්තේ උසස් පෙල විභාගයට පෙනි සිටින සිසු සිසුවියන්ට භාදාවක් නොවන රැළිය පැවැත්වීමට සහා පෙලපාලි පැවැත්වෙන්නේ නම් විභාග මධ්‍යස්ථාන පවතින මාර්ග භාවිතා නොකරන ලෙසයි.

කිසිදු බාධාවකින් තොරව විභාගයට පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සංවිධායකයින්ට අවධාරනය කරයි.

කෙසේ වෙතත් හෙට මෙම විපක්ෂයේ රැළිය මෙවැනි ස්ථානයක පැවැත්විය හැකිද?

රටේ අනාගතය භාර ගැනීමට සූදානම් වන සිසු පරපුරක තීරණාත්මක කඩයිමකට මෙය බාදාවක් වේද?