කෝටි 4ක කුෂ් එක්ක මැලේසියාවේ සිට පැමිණි 3ක් කොටු

රුපියල් කෝටි 4ක කුෂ් මත්ද්‍රව්‍ය සමග මැලේසියාවේ සිට පැමිණි තිදෙනෙක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

by Staff writer 20-11-2025 | 10:12 AM

COLOMBO (News 1st) - රුපියල් කෝටි 4ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තුන් දෙනෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසිනි.

සොයා ගත් කුෂ් මත්ද්‍රව්‍යවල බර කිලෝ ග්‍රෑම් 04 කට අධිකය.

මැලේසියාවේ සිට සැකකරුවන් මෙරටට පැමිණ ඇති අතර ඔවුන්ගේ ගමන් මලු තුළ පාර්සල් 04 ක තිබි කුෂ් මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබේ.

34 සහ 26 වයස්වල පසුවන සැකකරුවන් කොළඹ 12 , කොළඹ 15 සහ වැල්ලම්පිටිය ප්‍රදේශ වල පදිංචි රියැදුරු වෘත්තියේ නිරත පුද්ගලයින්.

ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දිරිපත් කිරීමට නියමිතයි.