.webp)
-604235.jpg)
COLOMBO (News 1st) - ගාල්ල අම්පේගම ප්‍රාථමික විද්‍යාලයේ ඉදි කෙරුණු, ගම්මැද්ද, තාබෝ ම්බෙකි- පුස්තකාලය, අද සිසු අයිතියට පත් කෙරේ.
මෙම ව්‍යාපෘතිය සඳහා මාස කිහිපයකට පෙර මුල්ගල තැබුවේ දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි විසිනි.
ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ වැලිවිටිය දිවිතුර අධ්‍යාපන කොට්ඨාසයට අයත් අම්පේගම ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් 600ක් පමණ ඉගෙන ගනු ලබයි.
එම අලුත් පුස්තකාලය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූයේ ගම්මැද්ද පොදු අරමුදලිනි.
