රණවිරු සේවා අධිකාරියෙන් නිවේදනයක්..

ක්‍රියාන්විත රාජකාරියේදී දිවි පිදූ සහ රනක්ෂිතයට පත් රණවිරුවන්ගේ මව්පියන් 17000කගේ මාපිය රැකවරණ දීමනාව තාවකාලිකව අත්හිටුවයි - ආරක්ෂක අමාත්‍යාංශය

by Staff writer 20-11-2025 | 4:03 PM

COLOMBO(News1st) - ක්‍රියාන්විත රාජකාරියේදී දිවි පිදූ සහ රනක්ෂිතයට පත් රණවිරුවන්ගේ මව්පියන් 17000 කගේ මාපිය රැකවරණ දීමනාව තාවකාලිකව අත්හිටුවා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රණවිරු සේවා අධිකාරිය සඳහන් කළේ, වාර්ෂික ජීව දත්ත සහතික ලබානොදීම හේතුවෙන් එය අත්හිටුවා ඇති බවයි.

දීමනාව ලබාගන්නා මාපියන් ජීවතුන් අතර සිටින බවට වන ග්‍රාම නිලධාරී සහතිකය ඉදිරිපත් කර, අදාළ ප්‍රතිලාභය නැවත ලබාගත හැකි ය.

ලබන වසරේ පෙබරවාරී 28 වැනිදා දක්වා ඒ සදහා අවස්ථාව පවතින බව, රණවිරු සේවා අධිකාරිය නිවේදනය කළේ ය.

එම අධිකාරිය සඳහන් කළේ, අදාළ ප්‍රතිලාභය ලබාගැනීම සඳහා ජීව දත්ත සහතිකය නියමිත කාලසීමාව තුළ ඉදිරිපත් කිරීම අනිවාර්ය බවයි.

ක්‍රියාන්විත රාජකාරියේදී දිවි පිදූ සහ රක්ෂිතයට පත් රණවිරුවන්ගේ මව්පියන්ට මාසිකව ලබාදෙන දීමනාව, රුපියල් 750 කි.

එම ප්‍රතිලාභය ලබාගැනීම සදහා, ප්‍රතිලාභීන් 32 867 ක් සුදුසුකම් ලබා සිටියේ ය.