අනුර ප්‍රියදර්ශනට එරෙහි නඩුවක් ගැන දැනුම්දීමක්..

අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජනවාරි 8 වැනිදා සිදු කිරීමට දින නියම වෙයි..

by Staff writer 20-11-2025 | 5:52 PM

COLOMBO(News1st) - රජයේ මුදල් සාවද්‍ය පරිහරණය ඇතුලු චෝදනා කිහිපයක් යටතේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා ඇතුලු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජනවාරි 8 වැනිදා සිදු කිරීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළේ ය.

නඩුව කැඳවනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ රණතුංග ඉදිරියේ ය.

එහිදී විත්තිය ඉල්ලා තිබූ ලේඛණ කිහිපයක්, පැමිණිල්ල විත්තියේ නීතීඥවරුන්ට භාර දුන්නේ ය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කියා සිටියේ, නඩුවට අදාළව අධිකරණයට භාර දී ඇති ලේඛන පරීක්ෂාවට පැමිණිල්ලට අවසර දෙන ලෙසයි.

විත්තිය ඉල්ලා සිටි ලේඛණ, මීට පෙර ද, දින කිහිපයක් ලබා දුන්නද තවත් අවශ්‍ය ලේඛන ඇති බවට විත්තිය දන්වා ඇතැයි නීතීඥවරයා පැවසුවේ ය.

එම ලේඛන අධිකරණය කාර්යාලය භාර දී ඇති බවට අනුමාන කරන බැවින් අධිකරණ කාර්යාලයේ ඇති ලේඛන පරීක්ෂාවට විත්තියට අවසර දෙන්නැයි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කරුණු සළකා බැලූ විනිසුරුවරයා, ඊට අවසර දුන්නේ ය.

නඩුව ගොනුකර ඇත්තේ, 2014 වසරේ දෙසැම්බර් 26 වැනිදාත් ජනවාරි 26 වැනිදාත් අතර කාලයේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 61 ලක්ෂ 46 110 ක මුදලක් අනීතික ලෙස වැය කිරීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ය.