.webp)

COLOMBO (News 1st) - පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර, කඩිනමින් මැතිවරණය පැවැත්වීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න විසින් ය.
2026 අයවැය කාරක සභා අවස්ථාවේ අද විවාදයට ගැනෙන්නේ රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශවල වැය ශීර්ෂය.
විවාදය අතරතුර එම යෝජනාව ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.
