ඝාතනයක් සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

මිදිගම ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි පිරිසකට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිටි බව කියන පුද්ගලයෙකු T56 ගිනිඅවියක් සහ මැගසින් එකක් සමග අත්අඩංගුවට

by Staff writer 19-11-2025 | 10:34 AM

COLOMBO (News 1st) - මිදිගම ප්‍රදේශයේ හෝටලයක හිමිකරු සහ පවුලේ සමාජිකයින් ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදීය.

ඔහු සතුව තිබී T56 ගිනි අවියක්, උණ්ඩ 30ක් සමග මැගසින් එකක් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළ බව පොලිසිය සඳහන් කළේ ය.