උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා... රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කෙරේ.

by Staff writer 19-11-2025 | 7:28 PM

COLOMBO (News 1st) - උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ.

ඒ, ඉදල්ගස්හින්න සහ ඔහිය අතරදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පිලිපැනීම හේතුවෙන් ය.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට තීරණය කළ බවයි.

මාර්ගයේ පස් ඉවත් කිරීම සහ දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ, බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්වයි.