ප්‍රදේශ කිහිපයකට තද වැසි

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100ක පමණ තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 18-11-2025 | 7:06 AM

COLOMBO (News 1st) - බස්නාහිර , සබරගමුව , වයඹ සහ දකුණු පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (18)  මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු , උතුරුමැද , නැගෙනහිර , දකුණු සහ ඌව පළාත්වලට ද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

දිවයින ආශ්‍රිත අඩු පීඩන කාලපය තවදුරටත් පැවතීම මෙම තත්ත්වයට හේතුව වේ.

මෙහි බලපෑමෙන් දිවයිනේ බොහෝ පළාත්වල අහස වළකුළුවලින් බරව පවතින බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර දිස්ත්‍රික්ක 8 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද (18) රාත්‍රිය දක්වා බලාත්මක වේ.

බදුල්ල , කෑගල්ල , කළුතර , මහනුවර , නුවරඑළිය , කුරුණෑගල , මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.