.webp)

ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනය කලේ දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2 කට අදියර 2 යටතේ නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.
ඒ අතරට බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළත් වේ.
මේ අතර දිස්ත්‍රික්ක 6ක් සදහා අදියර 1 යටතේ නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබුණි.
ඒ අතරට බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙළ හා හපුතලේ,
කලුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට
නුවර දිස්ත්‍රික්කයේ ගගවටකෝරළය, උඩුනුවර, පස්බාගේකෝරලේ, උඩපලාත, තුන්පනේ පාතහේවාහැට, උඩුදුම්බර, ගගඉහළකෝරලේ හා යටිනුවර
කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, මාවනැල්ල හා දැරණියගල
කුරුණුගල දිස්ත්‍රික්කයේ මාවතගම හා මල්ලවපිටිය
මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත අඹගමුව නොර්වුඩු වලපනේ හා කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, බලංගොඩ, කලවාන, කොළොන්න හා රත්නපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ඒ අතරට ඇතුළත්වේ.
