කොටහේන ඝාතනයේ තවත් සැකකාරියක් කොටුවෙයි

කොටහේන පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකාරියක් අත්අඩංගුවට..

by Staff writer 17-11-2025 | 6:39 AM

COLOMBO (News 1st) - කොටහේන ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තබා මනුෂ්‍ය ඝානනයකට ආධාර අනුබල දුන් තවත් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
2025.11.07 වන දින කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ  ‌කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබිණි.
ඒ අනුව, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධය සිදු කිරීම සඳහා විදේශ ගතව සිටින අපරාධ කල්ලි සමාජිකයයෙකු සමඟ සම්බන්ධ වී අපරාධකරුවන්ට කාර් රථයක් ලබාදීම හා මරණකරු ගමන් ගන්නා මාර්ගය සම්බන්ධ තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාට ලබා දෙමින් මෙම මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් සැකකාරියක් 2025.11.16 වන දින දහවල් කාලයේදී ආදුරුප්පුවීදීය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය වයස අවුරුදු 32 ක් වන ආදුරුප්පු වීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකාරියකි.‍ෙකොළඹ දිසා අපරාධ  ‌කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.