.webp)
-604088.jpg)
COLOMBO (News 1st) - කොංගෝ ජනරජයේ තඹ පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 32නෙකු මියගොස් තිබේ.
පතලේ තිබූ පාලමක් බර දරා ගැනීමට නොහැකිව කඩා වැටීමෙන් එම අනතුර සිදුව ඇතැයි විදෙස් වාර්තාවල සදහන් වේ.
පතලේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සාමාජිකයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන්, කම්කරුවන් කලබලයට පත්වූ බවත්, ඇතිවූ තෙරපීම මත පාලම කඩා වැටී ඇති බවත් එරට බලධාරීන් පවසයි.
කොංගෝ ජනරජයේ පුද්ගලයින් ලක්ෂ පහළොවකට වැඩි පිරිසක් දැඩි අනාරක්ෂිත පතල් වල කම්කරුවන් ලෙස සේවය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
