.webp)
-604029.jpg)
COLOMBO (News 1st) - ගූගල් සමාගම ටෙක්සාස් හි අමෙරිකන් ඩොලර් බිලියන 40ක් ආයෝජනය කරන බව පසුගිය සිකුරාදා සදහන් කළේ ය.
ඒ cloud servers, AI සහ බලශක්ති යටිතල පහසුකම් නගා සිටුවීමට ය.
රටේ ඕනෑම ප්‍රාන්තයක සිදු කළ ආයෝජන අතරින් මෙම ආයෝජනය ගූගල් සමාගම සිදු කළ විශාලතම ආයෝජනය බවට පත් වේ.
මේත් සමඟම එක්සත් ජනපදය පුරා සියළු ආයතන දත්ත මධ්‍යස්ථාන සඳහා සිදු ආයෝජනවල වටිනාකම ඇ.ඩොලර් බිලියන 50 ඉක්මවා තිබේ.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටේ AI තාක්ෂණය නැංවීමට කටයුතු කරන නිසා OpenAI, Microsoft, Meta Platforms සහ Amazon යන ආයතන ද ප්‍රමුඛ වී Ai කේන්ද්‍ර කරගත් දත්ත මධ්‍යස්ථාන පවත්වාගෙන යයි.
ගූගල් හි දත්ත මධ්‍යස්ථාන ටෙක්සාස් හි ආම්සට්‍රෝං ප්‍රාන්තයේ සහ හැස්කල් ප්‍රාන්තයේ පිහිටා තිබේ.
ටෙක්සාස් හි විශාල රැකියා ප්‍රමාණයක් මෙම ආයෝජනය මඟින් උදාවනු ඇති බව ඇල්ෆාබෙට් ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි පැවසුවේ ය.
වළාකුළු කලාප 42 කින් සමන්විත මිඩ්ලෝතියන් කැම්පස් සහ ඩලස් cloud කලාපයේ ද ආයෝජනය කරනු ඇතැයි ගූගල් සමාගම පවසයි.
Ai තාක්ෂණයේ කේන්ද්‍රස්ථානය වන ටෙක්සාස්හි සිදු කරන මේ ආයෝජනය අප රටේ අනාගතය සඳහා සිදු කළ ආයොජනයක් බව ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් කියා සිටින ලදි.
මෙයින් නොනැවතී යුරෝපයේ දත්ත මධ්‍යස්ථාන පුළුල් කිරීම සඳහා ඉදිරියේ දී ජර්මනිය තුළ ඇ.ඩොලර් බිලියන 6.41ක ආයෝජනයක් කරන බව ගූගල් සමාගම පවසයි.
