ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක්

ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක්

by Staff writer 15-11-2025 | 3:58 PM

COLOMBO(News1st) - ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ , අනුව ටූනා ශුද්ධ බර ග්‍රෑම් 155 මාළු ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 165 කි.

ටුනා ශුද්ධ බර ග්‍රෑම් 425 මාළු ටින් එකක් රුපියල් 380 කට අළෙවි කළ යුතුයි.

මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155 ටින් මාළු එකක උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙස ගැසට් නිවේදනයේ දක්වා තිබේ.

මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 425 ටින් මාළු එකක් අළෙවි කළ යුතු වන්නේ රුපියල් 480 කටයි.

ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155 ටින් මාළු එකක මිල රුපියල් 240ක්.

ජැක් මැකරල් ශුද්ධබර ග්‍රෑම් 425 රුපියල් පන්සිය හැටකට අළෙවි කල යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිකුත් කල ගැසට් නිවේදනයේ දැක්වෙයි.

මෙය අද සිට බලාත්මක වනු ඇති.