උසස් පොලිස් නිලධාරීන් 05කට ස්ථාන මාරු සහ නවපත්වීම්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 05කට ස්ථාන මාරු සහ නව පත්වීම්...

by Staff writer 15-11-2025 | 10:09 PM

COLOMBO(News1st) - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙකුට ස්ථාන මාරුවීම් සහ නව පත් කිරිම් සිදු කර තිබේ.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදිය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පරිපාලන තනතුර දක්වාත්,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්ත මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු තනතුරේ සිට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා අපරාධ හා රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුට අමතරව කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහාත් මාරු කර යවා තිබේ.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබේ.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජී.එම්.එච්.බී සිරිවර්ධන මහතා පොලිස් මූලස්ථානය සහ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණය කිරිමේ සිට උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් කටයුතු කරනු ඇති.