BBC නාලිකාව, අමෙරිකානු ජනපතිගෙන් සමාව ඉල්ලයි

BBC නාලිකාව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි..නමුත් ට්‍රම්ප්ට ඩොලර් බිලියනයක වන්දිය ගෙවීම BBC ප්‍රතික්ෂේප කරයි..

by Staff writer 14-11-2025 | 7:53 AM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ BBC නාලිකාව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් සමාව ඉල්ලා තිබේ.

ඒ ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ තිබෙන "නිවැරදි කිරීම් සහ පැහැදිලි කිරීම්" වෙබ් පිටුවේ සටහනක් තබමිනි.

BBC ඔස්සේ විකාශය වූ "පැනොරාමා" වැඩසටහන හරහා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඔහුගේ පාක්ෂිකයින්ගෙන්, "ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්නැයි" සෘජු ඉල්ලීමක් කර ඇති බවට "වැරදි හැඟීමක්" ඇති කළ බවත්, එම වැඩසටහන නැවත ප්‍රදර්ශනය නොකරන බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

කෙසේ නමුත්, ඒ වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට වන්දි ගෙවීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් වාර්තා වල සදහන් වේ.

පසුගියදා මෙම සිදුවීම හේතුවෙන් BBC අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ එහි පුවත් අංශයේ ප්‍රධානී ඔවුන්නේ ධුර වලින් ඉල්ලා අස්වුණි.

BBC පුවත් සේවය නොවැම්බර් 14 වැනිදාට පෙර තමන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිදුවූ හානියට සරිලන වන්දියක් ගෙවිය යුතු බව ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

එම කොන්දේසි වලට එකඟ නොවුනහොත්, ඩොලර් බිලියනයක වන්දි ඉල්ලා BBC පුවත් සේවයට නඩු පවරන බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන ලදි.

2021 වසරේ ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයක්, විකෘති ලෙස සංස්කරණය කර 2024 වසරේදී විකාශය කල බවට BBC පුවත් සේවයට චෝදනා එල්ල වුණි.