Sirasa Dancing Stars අවසන් මහා තරගය හෙට

ශ්‍රී ලාංකීය නර්තන හැකියාවන් ජාත්‍යන්තරයට ගෙනියමින්, ලෝකයම අපේ පදයට නටවන Sirasa Dancing Stars අවසන් මහා තරගය හෙට

by Staff writer 14-11-2025 | 4:31 PM

COLOMBO (News 1st) -නූතන විනෝදාස්වාදයේ අතිශය උද්යෝගිමත් රාත්‍රියක මිහිර විඳ ගැනීමට ඇත්තේ, තවත් පැය 24ක් පමණි.

ශ්‍රී ලාංකීය නර්තන හැකියාවන් ජාත්‍යන්තරයට ගෙනියන Sirasa Dancing Stars අවසන් මහා තරගය හෙට රත්මලාන, ස්ටයින් ස්ටූඩියෝස් හිදී පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ.  

මීට මාස ගණනකට පෙර නිර්භීත අත්හදා බැලීමක් ලෙස ආරම්භ වූ මෙය අද වන විට සංස්කෘතික රැල්ලක් බවට වර්ධනය වී තිබේ.

අද වනවිට මෙම තරගය සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලාංකීය නර්තනයේ සීමා මායිම් බාධක බිඳ දමා තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු වරට ප්‍රධාන ධාරාවේ රියැලිටි තරගයක Hip-Hop කලාව අමතර අංගයක් ලෙස නොව, සමස්ත තරගයේම ප්‍රධාන අංගය බවට පත් විය.

Popping සිට  Krumping දක්වාත් , Lyrical Hip-Hop සිට Afro-fusion දක්වාත් යන නර්තන ශෛලයන් ඔස්සේ තරගකරුවන් මේ තුළ සිය දක්ෂතාවයක් පෙන්නුම් කළේ ය.  

ඔවුන්ගේ රංගනයන් රස වින්දනය පමණක් නොව  ශ්‍රී ලංකාවේ නර්තනය යනු කුමක්ද යන්න පෙන්වා දීමට සමත්ව ඇත.  

සිංහල පද රචනයන් ජාත්‍යන්තර රිද්මය සමග මුසු කරන නැවුම්, දේශීය සංගීත රැල්ලක් වන SriPop හි උද්වේගය මෙම තරගයට තවත් ජවයක් එක් කළේය.

ජාත්‍යන්තර නර්තනය සමග මුසු වූ ශ්‍රී ලාංකේය සංගීතයට, ලොව ඕනෑම තැනක ඕනෑම ප්‍රමාණයක වේදිකාවක් පාලනය කළ හැකි බව මෙම තරගය මගින් ඔප්පු විය.

SriPop ගීත ඉතාමත් ජනප්‍රියතාවයට පත් වී ඇත.

අවසානයේ  ශ්‍රී ලාංකික නර්තනකරුවන් ආත්ම විස්වාසයක් ඇතිව ජාත්‍යන්තරය අතික්‍රමණය කිරීමට සමත් වී ඇත.  

හෙට පැවැත්වෙන අවසන් මහා තරගය මෙතෙක් පැවති විශාලතම රියැලිටි තරගය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙහිදී දෙස්-විදෙස්  ශ්‍රී ලාංකිකයින්ගෙන් සමන්විත වාර්තාගත ප්‍රේක්ෂකයින් පිරිසක් අප හා එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හෙට(15) පැවැත්වෙන Sirasa Dancing Stars අවසන් මහා තරගය ශ්‍රී ලාංකික විනෝදාස්වාදයේ සංධිස්ථානයක් වනු ඇත.

මෙම උත්කර්ෂවත් අවස්ථාව ප්‍රේක්ෂක ඔබටත් හෙට(15) සවස සිරසTV ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි.