දියවැඩියා රෝගීන් ගැන දැනුම්දීමක්..

මෙරට ජනගහනයෙන් සෑම5 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගියෙක් - සෞඛ්‍ය අංශ

by Staff writer 14-11-2025 | 4:00 PM

COLOMBO (News 1st) -  මෙරට ජනගහනයෙන් සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පෙළෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එය ප්‍රතිශතයක් ලෙස 23% ත් 30% ත් අතර ප්‍රමාණයකි..

දියවැඩියා රෝගීන්ගෙන් සෑම 3 දෙනෙකුගෙන් එක් අයෙකුම අක්ෂි රෝග වලින් පෙළෙන බවද ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා ප්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 40 ත් 50 අතර පුද්ගලයින් බවයි.

කඩිනිමින් ප්‍රතිකාර නොගතහොත් ඉන් 11% ක් අන්ධ භාවයට පත් විය හැකි බවද විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පෙන්වා දෙයි.

දියවැඩියාව හේතුවෙන් ඇතිවන අක්ෂි රෝග ප්‍රතිකාර සඳහා වසරකට සෞඛ්‍ය අංශවලට දැරීමට සිදුවන වියදම රුපියල් මිලියන 923 කි.