කැපිටල් මහරාජා සමූහයට ජාත්‍යන්තර සම්මානයක්

කැපිටල් මහරාජා සමූහය (CMG) කලාපයේ ඩිජිටල් පරිවර්තනයේ විශිෂ්ටත්වය වෙනුවෙන් Game Changer කාණ්ඩයේ 2025 SAP ACE ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි.

by Staff writer 14-11-2025 | 10:43 PM

COLOMBO (News 1st) - කැපිටල් මහාරාජා සමූහය අද ඉන්දියාවේ මුම්බායිහිදී  කීර්තිමත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබුවේ ය.

කැපිටල් මහරාජා සමූහය  මෙලෙස පිදුම් ලැබුවේ Game Changer කාණ්ඩයේ 2025 SAP ACE සම්මානයෙන්...

2025 SAP ACE  සම්මානය කැපිටල් මහරාජා සමූහයේ දෙවැනි ACE සම්මානයයි.

අද මෙම සම්මානය කැපිටල් මහරාජා සමූහය වෙනුවෙන් ඉන්දියාවේ මුම්බායිහිදී ලබාගත්තේ සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තමාරා කුඩාලියනගේ මහත්මිය ඇතුළු කණ්ඩායමයි.

එමගින් ඩිජිටල් පරිවර්ථනයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් වෙයි.

SAP සම්මාන උළෙල ප්‍රථම වරට ක්‍රියාත්මක වුණේ 2014 වර්ෂයේදී ය.

සමාගම් 73 ක් සහ නිෂ්පාදන කම්හල් 9 ක් පුරා පැතිරී ඇති කැපිටල් මහරාජා සමූහයේ ප්‍රොජෙක්ට් නෙක්සස් එනම් CMG සහ SAP එක්ව ක්‍රියාත්මක කළ රයිස් ව්‍යාපෘතිය මෙම සම්මානය මගින් ඇගයීමට ලක් කෙරෙයි.

එම ව්‍යාපෘතිය මගින් කෘතීම බුද්ධිය, දත්ත විශ්ලේෂණ ස්වයංක්‍රීයකරණය සහ ක්ලව්ඩ් වැනි උසස් තාක්ෂණයන් හඳුන්වා දෙනු ලබයි.

සමිෂ්ටි ඉන්ෆො ටෙක් සමග එක්ව CMG ගූගල් ක්ලවුඩ්හි SAPසමග බ්‍රවුන්ෆීල්ඩ් RISE ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක කළ අතර, NEXUS ව්‍යාපෘතිය යටතේ මාස හතරක් තුළ සමාගම් 73 ක් සහ නිෂ්පාදන කම්හල් 9ක්  සම්පූර්ණයෙන් පරිවර්ථනයකට ලක් කෙරිණ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් මූලික ක්‍රියාකාරී මොඩියුල 10 ක් යටතේ ව්‍යාපාර තාක්ෂණික වේදිකා විසඳුම් 9ක්, කර්මාන්ත පාදක අභිරුචිකරණයන් 1,000 කට වැඩි ප්‍රමාණයක් සහ වසර 11 කට වැඩි උරුම දත්ත SAP S/4 HANA බවට පරිවර්තනය කිරීම ආවරණය කෙරිණ.

Game Changer කාණ්ඩය, කලාපයේ වඩාත්ම වේගයෙන් ඉදිරියට යන ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති හඳුනා ගන්නා අතර මෙම ජයග්‍රහණයට හේතු වුණේ ශක්තිමත් පාලනය, ව්‍යාපාර සහ තාක්ෂණ කණ්ඩායම් අතර දෛනික සහයෝගීතාවය සහ සෑම CMG සමාගමකම නොසැලෙන කැපවීමයි.

SAP ACE සම්මානය ව්‍යාපාර පරිවර්තනය සඳහා කලාපයේ ඉහළම පිළිගැනීමකි.