ශ්‍රී ලංකා - පකිස්ථාන ක්‍රිකට් තරගාවලියේ වෙනසක්

ශ්‍රී ලංකා - පකිස්ථාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහනේ වෙනසක්

by Staff writer 13-11-2025 | 4:01 PM

COLOMBO (News 1st);

ශ්‍රී ලංකා - පාකිස්ථාන කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ සහ සිම්බාබ්වේ කණ්ඩායමත් එක්වන තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කාල සටහන සංශෝධනය කර තිබේ.

පාකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ , මෙහෙයුම් සහ තරග අවශ්‍යතා සපුරාලීමට ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ක්‍රිකට් ආයතන සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා - පාකිස්ථාන එක්දින ක්‍රිකට් තරගය හෙට දිනයේදීත්, තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය 16 වැනිදාත් රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි..

තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන 18 සිට 29 වැනිදා දක්වා රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.