ලොකුපැටිගේ ගෝලයින් දෙදෙනෙකු අලුත්ගමදී අත්අඩංගුවට

ලොකුපැටිගේ ගෝලයින් දෙදෙනෙකු අලුත්ගමදී අත්අඩංගුවට

by Staff writer 13-11-2025 | 4:53 PM

COLOMBO (News 1st) -  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ලොකුපැටිගේ සහයකයින් දෙදෙනෙකු අලුත්ගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ලද තොරතුරක් මත අද අළුයම අලුත්ගම ඩිපෝ මාර්ගයේ දුම්රිය හරස්මාර්ගය අසලදි ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

එක් සැකකරුවෙක් සතුව තිබි හෙරෝයින් ග්‍රැම් 6ක් සහ අනෙකු සැකකරු සතුව තිබි හෙරෝයින් ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 26 කට ආසන්න මුදලක් ද සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

සැකකරුවන් බැංකු හරහා රුපියල් ලක්ෂ 54 කට අධික මුදල් ප්‍රමානයක් හුරුවමාරු කරගෙන ඇතැයි පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

ලොකුපැටී නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයෙන් උපයාගන්නා මුදල් ගිණුම්ගත කර ඇත්තේ ඔවුන් බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

සැකකරුවන් උරගස්මන්හන්දිය සහ මහඉදුරුව ප්‍රදේශවල පදිංචිකරුවන් ය.