මෙරට මුහුදේ නීති විරෝධි ධිවර කටයුතු මැඩලීමට වැටලීම

මෙරට මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් වැඩි කෙරේ..

by Staff writer 13-11-2025 | 10:24 AM

COLOMBO (News 1st) - මෙරට මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතවන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් වැඩි කර ඇතැයි ධීවර ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

ඒ , ධීවර අමාත්‍යාංශය , නාවික හමුදාව හා පොලීසිය එක්වයි.

වසරේ ගතවූ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව 328ක්.

නාවික හමුදා භාරයට ගෙන ඇති ඉන්දීය ධීවර යාත්‍රා සංඛ්‍යාව 41 ක්.