.webp)

COLOMBO (News 1st) - මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන තම්මිට සුමිත් යන අයගේ සමීපතමයින් දෙදෙනෙකු අයිස්මද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , පොලිස් විශේෂ කාර්ය බලකායේ කෙහෙල්බද්දර උප කඳවුරේ නිලධාරීන් කළ වැටලීම් වලදීය.
ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විස්සකට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය සඳහන් කරන ලදි.
දිවයින පුරා සිදු කළ වැටලීම් වලදී නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 9 දෙනෙකු ඊයේ කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.
