කිරින්දේදී අයිස් සමග කොටුවූ පිරිසට රැඳවුම් නියෝග

කිරින්දේදී අයිස් තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනාට රැඳවුම් නියෝග..

by Staff writer 13-11-2025 | 10:53 AM

COLOMBO (News 1st) - කිරින්ද වෙරළේදී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350කට ආසන්න ප්‍රමාණය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා දින 7ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.

ඒ ,  ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 7 ක් රදවා තබා ප්‍රශ්න කිරීමට නියමිතයි.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කිරින්ද වෙරළේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුන් අත්අඩංගුවට ගන්නා ලදි.

මත්ද්‍රව්‍ය තොගය දැනට ඩුබායි හි රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රන්උලුගේ චරිත් සඳකැලුම් නොහොත් රන්මල්ලිට අයත් බවට මේ වන විට තොරතුරු ලැබී තිබේ.

එම මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබුණි.

කෙසේවෙතත් එම බෝට්ටුව සොයාගැනීමට මෙතෙක් හැකි වී නැත.