අයිස් කිලෝ 300 සමග සැකකරුවන් 6ක් අත්අඩංගුවට

අයිස් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 6ක් කිරින්ද ප්‍රදෙශයේදී අත්අඩංගුවට..

by Hashini De Mel 12-11-2025 | 8:20 AM

COLOMBO (News 1st) - අයිස් කිලෝ ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 6 කු කිරින්ද ප්‍රදෙශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා සඳහන් කලේ  බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් වැටලීම කර ඇති බවය.

ඒ සඳහා තිස්සමහාරාම හා කිරින්ද පොලිස්  ස්ථානවල නිලධාරීන්ගේද සහය ලබා ගෙන තිබේ.

එහිදි වාහන කිහිපයක්ද පොලිස් භාරයට ගැනුණි.