ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

by Staff writer 09-11-2025 | 7:22 AM

COLOMBO(News1st) - ඌව, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද(09) පස්වරු 1 න් පසු, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

වැසි සමග තාවකාලික තද සුළං ද ඇති විය හැකි වන අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු වලින් ආරක්ෂා වන ලෙසයි.