.webp)

ඒ , පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.පී ජයකැළුම් මහතාගේ අධික්ෂණයෙන් කළ විශේෂ මෙහෙයුමකදියි.
එහිදි සොයා ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රැම් 5 යි ග්‍රැම් 416කි.
සැකකරුවන් සතුව තිබි රුපියල් එක්කෝටි අට ලක්ෂ 11,500 ක් ද සොයාගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සැකකරුවන් එම මත්ද්‍රව්‍ය තොගය මුහුදේ සිට බෝට්ටුවකින් ගොඩබිමට රැගෙනවිත් ඇති බවයි.
ඒවා ප්‍රවාහනය කළ බෝට්ටුව ද විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ හෙරොයින් තොගය හික්කඩුව පොලීසියට භාර දුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.
