.webp)

COLOMBO (News 1st) - පානීය ජල ගැටලුව ලොව බොහෝ රටවලට බලපාන්නා වූ ගැටලුවක්.
වර්තමානයේ ලොව අත්දකින පානීය ජල ගැටලු ක්‍රමානුකූලව නිර්මාණය වූ ඒවාය.
පාරිසරික වෙනස්කම්, වර්ෂාපතනය අවම වීම, කෘෂිකර්මය නිසා ජල ප්‍රභවයන් දූෂණ වීම මෙන්ම භූගත ජලය දූෂණය වීම ආදී ගැටලු මීට හේතු වී තිබේ.
ශ්‍රී ලංකාවේ ද බොහෝ ජනතාව පානීය ජල ගැටලුවකට මුහුණදී සිටින්නේ මෙවන් තත්ත්වයක් මතය.
කල් පවතින්නා වූ මෙම දූෂිත ජලය සෘජුවම වකුගඩු රෝග කෙරෙහි බලපානු ලබයි.
පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් මෙලෙස වකුගඩු රෝගය බහුලව පවතින්නා වූ ප්රදේශයකි.
මේ ගැටලුව හඳුනාගත් ගම්මැද්ද පානීය ජල ව්‍යාපෘතිය සඳහා යුහුසුළුව කටයුතු කිරීමට ක්‍රියා කළේ ය.
ඒ අනුව පොළොන්නරුව, මැදිරිගිරිය, දිග්ගල්පුර ප්‍රාථමික විද්‍යාලය සහ දිග්ගල්පුර ගම්මානය වෙනුවෙන් ඉදිකළ පානීය ජල ව්‍යාපෘතිය සඳහා අද මුල්ගල තැබුණි.
ඒ , ගම්මැද්ද තවත් ප්‍රජා සත්කාරයක් ලෙසයි.
පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති පවතින දිග්ගල්පුර ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 200 කි.
පානීය ජලය නොමැතිවීම හේතුවෙන් පාසලේ සිසුන් මෙන්ම දිග්ගල්පුර ගම්මානයේ ජනතාව විඳි ගැහැට අපමණයි.
මේ පාසලට පරිත්‍යාගයක් ලෙස ලැබී ඇති කුඩා ජල පෙරණයක් භාවිතා කළ ද එයද අක්‍රීය තත්ත්වයේ පවතී.
ගම්මානයේ ජනතාව ජලය ලබා ගන්නේ , කිලෝමීටර 5ක පමණ දුරකින් ඇති ජල පෙරණයක් වෙත ගොසින්ය.
පිරිසිදු ජල බිඳක් සොයා ඔවුන් කළ අරගලය නිමාවට පත් කිරීමේ ඇරඹුම සටහන් කිරීමට ගම්මැද්දට අද හැකි විය.
ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබාදුන්නේ, බොරැල්ලේ පදිංචි මන්ත්‍රී අමරසිංහ මහත්මියයි.
ඒ , සිය නැසීගිය දියණිය සහ සැමියා සිහිපත් කරමින් ය.
මේ සත්කාරය වෙනුවෙන් මුල්ගල තැබීමේ උත්සවය සිදු කෙරුණේ, ගම්මැද්ද නායක ෂෙවාන් ඩැනියෙල් මහතාගේ ප්‍රධානත්වයෙනි.
මැදිරිගිරිය කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ ප්‍රියන්ත සිරිකුමාර, මැදිරිගිරිය සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී ආර් අයි එස් දිසානායක, මැදිරිගිරිය ප්‍රජා පොලිස් ප්‍රධානී උප පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ටී.ජී. විජේබණ්ඩාර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කර්මාන්ඩර් ඩී.අයි.පී. කුමාර යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ.
ගම්මැද්ද විසින් සංවිධානය කළ ගැබිණි මව්වරුන් වෙනුවෙන් පෝෂණ මලු ලබාදීමේ වැඩසටහනක් ද, ඊට සමගාමීව සිදු කෙරිණ.
