.webp)
-603489.jpg)
COLOMBO (News 1st) - තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් හා ලොරි රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2025.11.07 වන දින අළුයම් කාලයේ දුගල්පිටිය පොලිස් වසමේ කැපුන්ගොඩ ප්රදේශයේදී දුන්ගල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව වැටලීමක් සිදුකර සැක කටයුතු ලොරි රථයක් පරීක්ෂා කර තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ 1943 ක් සමඟ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 46 ක් වන පිටිපන, මීගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
දුන්ගල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
