.webp)
-603495.jpg)
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කළුබෝවිල අවිශ්කගේ ප්‍රධාන ගෝලයෙක් හෙරොයින් ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 400ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
කොහුවල පොලිස් වසමේ ජාවාරම් කිරීම සඳහා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09 මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන ත්‍රිවිල් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිශානායක මුදියන්සේලාගේ අවිශ්ක ඒෂාන් නොහොත් '' කළුබෝවිල අවිශ්ක '' යන අපරාධකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන ප්‍රධාන ගෝලයකු බවට තොරතුරු අණාවරණය වී තිබේ.
